Night club - Spa වසා දැමේ

දිවයිනේ සියලුම රාත්‍රී සමාජ ශාලා, මුදලට ඔට්ටු තබන ස්ථාන සහ සම්භාහන මධ්‍යස්ථාන වහාම ක්‍රියාත්මක වන පරිදී තාවකාලිකව වසා දැමීමට වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගනු ලැබූ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
ඒ අනුව මෙම නිතිය කඩ කරන ඕනෑම රාත්‍රී සමාජ ශාලා, මුදලට ඔට්ටු තබන ස්ථාන සහ සම්භාහන මධ්‍යස්ථාන පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙරා නිරෝධායන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ නිතිය ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.
839 Views
Comments