නීතිවිරෝධී ලෙස මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අද (11) අළුයම් කාලයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

 

එහිදී ඉන්දීය ධීවර යාත්‍රා 03ක් සමඟ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ඉන්දීය ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.  

 

මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා 35ක් සහ ඉන්දීය ධීවරයින් 252 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර තිබේ.

views

196 Views

Comments

arrow-up