ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි

ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවා වෙයි

විදුලි බල සැපයීම  සම්බන්ධ සියලු සේවා  සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්  අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබේ.

 

මෙකී සේවා  අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ( (04)දිනෙන් නිකුත් කරනු ලැබීය.

 

මේ අනුව මෙම ගැසට් නිවේදනය මගින්  ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙකී සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර තිබේ.

 

views

193 Views

Comments

arrow-up