අකුරණ නගරයේ විශාල ගින්නක් - ඒ 09 මාර්ගය වැසෙයි

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.
ගින්න හේතුවෙන් තවත් වෙළඳසැල් කිහිපයකට ද පැතිර යාම හේතුවෙන් මෙලෙස මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ අද (05) අලුයම මෙම ගින්න හටගෙන ඇති බවය.
ගින්න මැඩපැවැත්වීමට මෙතෙක් හැකිවී නොමැති බව වාර්තා වේ.
පොලීසිය පැවසුවේ අවන්හල තුළ ගෑස් සිලින්ඩර 50ක් පමණ පවතින බවට එහි හිමිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කිරීම අසීරු වී ඇති බවය.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.
203 Views
Comments