මට ද්‍රෝහියා කියන්න අයිතියක් ඇත්නම් ඒ ප්‍රභාකරන්ට විතරයි

තමාට ද්‍රෝහියා යැයි කීමට එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ට හැර අන් කිසිවෙකුට කිසිදු අයිතියක් නැති බවත් ප්‍රභාකරන් පවා අවසානය තෙක් තමාට ද්‍රෝහියෙකු යැයි දෝෂාරෝපණය නොකළ බවත් එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සදහන් කරයි
එමෙන්ම දෙමළ ජනතාවගේ ජාතික වීරයින් වීමට කිසිදු දෙමළ දේශපාලකයෙකුට නොහැකි බවත් තමා දුටු නියම ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් හෙතෙම සදහන් කළේය.
එක්සත් නිදහස් පෙරමුණේ අම්පාර දිස්ත්‍රීක්කයේ පාන්ඩිරුප්පු කොට්ඨාසයේ ජන හමුව පාණඩිරුප්පු සංස්කෘතික මණ්ඩපයේදී අද(13) පැවති අතර එම හමුවේදී පාක්ෂිකයින් අමතමින් මුරලිදරන් මහතා මේ බව කියා සිටියේය.
694 Views
Comments