ඕස්ට්‍රේලියාවට වැසි ඇද හැලෙයි

ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී තිබෙනවා.
ඉහළ ගොස් තිබූ උෂ්ණත්වය ඒ හේතුවෙන් පහත බසිමින් ඇති නමුත් නැවත ලැව්ගිනි ආරම්භ විය හැකි බව බලධාරීන් පවසයි.
අළු පැහැති වැසි සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නැගෙනහිර වෙරළ තීරයට ඇදහැලී තිබෙන බවයි වාර්තා වන්නේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ද පතිත වී තිබෙනවා.
කෙසේ වෙතත් ලබන බ්‍රහස්පතින්දා වන විට උෂ්ණත්වය ඉහළ යා හැකි බවට බලධාරීන් ඊයේ අනතුරු ඇඟවූවා.
764 Views
Comments