සා/පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වේ. මෙවර විභාගය සඳහා සාමාන්‍ය පෙළ ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වනවා .
විභාගය සඳහා පැය භාගයකට පෙර විභාග ශාලාව වෙත පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ට දැනුම් දෙයි.
ප්‍රවේශ පත්‍රය මෙන්ම වලංගු හැඳුනුම්පත ද අනිවාර්යයෙන් රැගෙන එන ලෙස ද ඔහු සිසුන්ට දැනුම් දුන්නේ ය.
එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, විභාග ශාලාවට ඉලෙක්ට්‍රෝනික උපකරණ මෙන්ම කෙටි සටහන්ද රැගෙන ඒම සුදුසු නොවන බවයි.
මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අයැදුම්කරුවෙකුට යම් බාධාවක් පවතී නම් ගතයුතු උපදෙස් පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇති බවයි.
ආපදා සහිත ප්‍රදේශවල විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ සැළැස්මක් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
720 Views
Comments