එජාප පසුපෙළ දැඩි තීරණයක
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

එජාප පසුපෙළ දැඩි තීරණයක

එජාප පසුපෙළ දැඩි තීරණයක

විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන්, එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විසඳුමක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පවසනවා.

 

 

එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරු බහුතරයක් හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, විපක්ෂ නායක ධූරයට පත් කරන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලා ඇති බවයි ඔහු කියා සිටියේ.

 

 

හිටපු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට පක්ෂ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය ලබා නොදුනහොත් ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමෙන් වැළකී සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු තීරණය කර ඇතැයි ද වාර්තා පළ වුණා.

 

 


එහිදී තවදුරටත් අදහස් දක්වමින්  ඔහු සඳහන් කළේ "යම් යම් තීන්දු අරන් තියෙනවා. ඒවා ඉදිරියේදී කියන්නම්. ජනතාව අපිත් එක්කයි ඉන්නේ. පක්ෂයේ කිහිපදෙනෙක් විතරක් ඔවුන්ගේ මතය දරනවා. ජනතාව ඔවුන් පිළිබඳ තීරණයක් ගනී.. ඊළඟ මැතිවරණයේදී. වෙනත් පක්ෂයක් ගොඩනැගීම තීරණය වන්නේ ඇතිවෙන වටපිටාව මතයි. අපි මේ බලාපොරොත්තු වෙන දේ වුණේ නැත්නම් මැතිවරණවලට ඉදිරිපත් වෙලා වැඩක් නෑ. " යනුවෙනි. 

views

613 Views

Comments

arrow-up