පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා රටින් පිට වී ද ?

රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සේවයට වාර්තා කොට නැති බව වාර්තා වී තිබේ.
මරණ තර්ජන හේතුවෙන් ඔහු රටින් පිටවිය ඇතිබව වාර්තා වී ඇතත් මේ පිළිබඳව තොරතුරු තහවුරු වී නැත.
සන්ඩේ ලීඩර් කතුවර ලසන්ත වික්‍රමතුංග ගේ මරණය මාධ්‍යවේදීන් කීත් නොයාර් හට සිදු කළ පහර දීම සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළ විමර්ශන වලට නිශාන්ත සිල්වා පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධ විය.
තරුණයින් පැහැර ගෙන යෑම සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් හට චෝදනා එල්ල වූ නඩුවක විමර්ශන කටයුතු වලට ද නිශාන්ත සිල්වා පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධ විය.
මේ අතරවාරයේ පසුගිය රජය කාලයේ චෝදනා ගොනු කෙරුණු නඩු ගණනාවක් මේ වූ පොලිස් අධිකාරිය අබේසේකර දිය මාරුව සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස් කොමිසම ලබාදුන් එකඟතාව පිළිබඳව ප්‍රශ්න කොට ඇත.
632 Views
Comments