අවම පිරිසකගෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

අවම පිරිසකගෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට තීරණයක්

අවම පිරිසකගෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට තීරණයක්

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ලබන පුරපසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

 

රටෙහි පවතින වෙෙරස් වසංගත තත්වය හේතුවෙන් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් සහ නිරෝධායන නීති උපදෙස් අනුව මේ වාරයේ ශ්‍රී පාද වන්දනාව ආරම්භ කිරීමටයි තීරණය වී තිබෙන්නේ.

 

එළඹෙන දෙසැම්බර් මාසේ 27 වන දා පස්වරුවේ යෙදී තිබෙන විශේෂ නැකතකට අනුව ශ්‍රී පාද රජමහා විහාරයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ මන් දේව ප්‍රතිමාව 28 වනදා උදෑසන ශ්‍රී පාදස්ථානය උඩ මළුව දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කරවීමට කටයුතු යොදා තිබෙනවා.

 

උඩ මළුව දක්වා ගමන් කෙරෙන එක් මාර්ගයක සැදැහැවතුන් 50දෙනා බැගින් උපරිම පුද්ගලයින් 200 දෙනෙකු වන්දනා සමයේ චාරිත්‍ර ආරම්භ කිරීම සඳහා සහභාගී කරවා ගැනීමටයි ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී තීරණය කර තිබෙන්නේ.

 

සඹරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ද ඊට එක්ව සිටි අතර ඔහු කියා සිටියේ මෙවර වන්දනා සමය අවම ජනතා සහභාගිත්වයෙන් සිදුකරන බවයි.

 

ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන සියලු බැතිමතුන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වී සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය බව ද සඳහන් කරනවා.

 

 

 

views

617 Views

Comments

arrow-up