"බුරවී" සුළි කුණාටුව අද රාත්‍රී 07 - 10 අතර ඇතුළු වේ - විමසිල්ලෙන් සිටින ලෙස ජනතාවට උපදෙස්

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "බුරවී" සුළි කුණාටුව අද (දෙසැම්බර් 02 ) පෙ.ව 08.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී.200 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.6 ත් නැගෙනහිර දේශාංශ 83.0 ත් ආසන්නව ස්ථානගතව පැවතුනි.
මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරු තුඩුව අතරින් මුලතිව් වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද (දෙසැම්බර් 02 ) රාත්‍රී කාලයේ (ප.ව 07.00-10.00අතර ) දී ඇතුළු වේ යැයි බලාපොරොත්තු වේ.
සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 80-90 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 100 දක්වා වැඩි විය හැක.
මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට(දෙසැම්බර් 03 ) උදැසන වනවිට පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වේ.
උතුරු සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.ඇතැම් ස්‌ථානවල මි.මී. 150 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක. නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට වැසි ඇතිවේ.
ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක. උතුරු, උතුරු මැද, ,වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ.
සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(40 -50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.
ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මෙම මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට ඉතා තද වැසිද ඇතිවිය හැක. සෙසු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති වේ. ගාල්ල සිට මන්නාරම, ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දක්වා සිට වයඹ දක්වා දිශා වලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (50-60) පමණ වේ.
විටින් විට පැ.කි.මී. (80-95) දක්වා වැඩිවිය හැක. මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශ විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැක.
සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැක. ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශ වල මුහුදු රළ මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී.
698 Views
Comments