ඇඳිරි නීතිය අතරතුර FACEBOOK සාදයක් පවත්වයි – 12ක් අත්අඩංගුවට

කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ එකම පවුලේ පියෙකු සහ පුතකු විසින් සංවිධානය කළ ෆේස්බුක් සාදයක් වැටලීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කලුතර දිසා දුෂණ මර්දන ඒකකය ක්‍රියාකර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22-42 අතර වියෙහි පසුවන කලුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වාර්තා වෙනවා.
මෙහි ප්‍රධාන සංවිධායක ‘ලව්වා’ නැමති ප්‍රධාන සැකකරු සිය පුතා යොදවා මෙම සාදය තුල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙලිවී තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී මත් පෙති, අයිස්, හෙරොයින්, කේ ජී නැමති මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය පවසයි.
1059 Views
Comments