කොරෝනා වැළදුණු බවට සැක කළ කාන්තාවක් දරුවෙක් ප්‍රසුත කරයි

නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිතව රෝහල් ගත කළ කාන්තාවක් කොළඹ කාසල් මාතෘ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කර තිබෙනවා.
මෙම කාන්තාවගේ සැමියා ඉතාලියේ සිට පැමිණි ඇති අතර පසුව එම කාන්තාවට කොරෝනා වෛරසයට සමාන රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කිරිම හේතුවෙන් රෝහල් ගත කර තිබුණා.
ගැබ් ගෙන සිටි එම කාන්තාව ඊයේ දිනයේදී සිය දරුවා ප්‍රසුත කර ඇති අතර වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අවධානම නොතකා ඔවුන්ගේ රාජකාරි ඉටුකර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වුවත් එම කාන්තාවගේ සාම්පල් කොරෝනා පරීක්ෂණය සඳහා යොමු කර තිබු බවත් ලද වාර්තාව අනුව ඇයට එම රෝගය වැළදී නොතිබූ බවයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ ප්‍රකාශ කර සිටියේ.
557 Views
Comments