NOV
20
දූෂිත දේශපාලකයන් ජනපති වටේ කැරකෙනවා - විදුර වික්‍රමනායක

පසුගිය සමයේදී දූෂණ චෝදනා එල්ලවූ දේශපාලනඥයින් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටා එක් රැස් වීමට උත්සාහ දරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.
හොරණ පැවති වැඩසටහනකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහෙත් දූෂයෙන්, වංචාවෙන් සහ නාස්තියෙන් තොර විඥාණයක් ඇති දේශපාලනඥයින් ටිකක් ඈත්ව මේ දෙස බලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.
954 Views
Comments