රටේ සියළුම එළවළු රජය මගින් මිලදී ගැනීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

රටේ සියළුම එළවළු රජය මගින් මිලදී ගැනීමට තීරණය කරයි

රටේ සියළුම එළවළු රජය මගින් මිලදී ගැනීමට තීරණය කරයි

දේශීය එළවළු ගොවියන්ගේ සියලුම එළවළු තොග  මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

 

 දඹුල්ල, ගලේවෙල, නාවුල, ලග්ගල හා විල්ගමුව යන ප්‍රදේශවලදී මෙලෙස රජය විසින් එළවළු මිලදී ගැනීමට තීරණය කර ඇත.

 

ඒ අනුව දඹුල්ල්ල ගම්උදාව ක්‍රීඩාපිටිය, දඹුල්ල පරණ සති පොළ භූමිය, විහාරය රථ ගාල, පැල්වෙහෙර රජයේ ගොවිපල, ගලේවෙල ක්‍රීඩාංගනය, දේවහුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, ලග්ගල ගොවිජන සේවා මධ්‍යස්ථානය, වීල්ගමුව ගොවිජන සේවා මධ්‍යස්ථානය, නාවුල අලුගොල්ල ගොව්ජන සේවා මධ්‍යස්ථානය යන ස්ථානවලදී අද(11) දින උදේ සිට සවස් වනතුරුම ගොවීන් රැගෙන එන එළවළු තොග සියල්ලම රජය මිලදී ගැනීම සිදුකිරීමට නියමිතය.

 

 

views

722 Views

Comments

arrow-up