දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවට කොරෝනා වැලදීලා
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවට කොරෝනා වැලදීලා

දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවට කොරෝනා වැලදීලා

නාගොඩ රෝහලේදී දරුවෙක් ප්‍රසුත කළ කාන්තාවකට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාව බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වන්නේ.



පසුගිය දින කිහිපයේදී එම ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් කිහිප දෙනෙක්ම වාර්තා වූ අතර රෝහල් බලධාරින් සඳහන් කර සිටියේ එම කාන්තාව රෝහලට ඇතුලත් කිරිමේදී සිය පදිංචිය ඇතුළු කරුණු සඟවා ඇති බවයි රෝහල් බලධාරීන් සඳහන් කර සිටියේ.



මේ හේතුවෙන් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කොරෝනා වෛරසය වැලදී තිබු කාන්තාවට නිරාවරණය වීමෙන් ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


එම කාන්තාව ප්‍රසුත කර ඇති දරුවාට කොරෝනා වෛරසය වැලදී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි රෝහල් බලධාරින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



පසුගිය සති කිහිපයේදී මෙවැනි ආකාරයේ කොරෝනා වෛරසය වැලදී ඇති පුද්ගලයින්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සෞඛ්‍ය නිලධාරින් රැසක් නිරෝධායනයට ලක් කිරිමට සිදුවිය.

views

709 Views

Comments

arrow-up