කටුනායකින් පිවිසෙන මගීන් අඩි විස්සක උමඟකින් විෂබීජානුහරණයට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පිවිසෙන විදෙස් සංචාරකයින් ඇතුළු සියලුම ගුවන් මගීන් සම්පූර්ණයෙන් විෂබීජානුහරණයට ලක් කිරීමට ගුවන් තොටුපළ පාලනාධිකාරිය සූදානම් වනවා.
ගුවන් තොටුපළ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා සදහන් කළේ අඩි විස්සක් පමණ දිගැති උමං මාර්ගයක් ඔස්සේ සියලුම ගුවන් මගීන් යැවීමට සලස්වා ඒහිදී සම්පූර්ණයෙන් විෂබීජානුහරණ ක්‍රියාවලියකට ලක් කිරීමට සූදානම් කර තිබෙන බවයි.
ඕසෝන් වායු ජීවානුහරණ ක්‍රියාවලියකින් සෑම මගියකුගේම සියලුම විෂබීජ නැසිය හැකි අයුරින් විෂබීජ නාශක වාෂ්ප ලෙස මෙම උමං මාර්ගයේදී එක් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ඇතිව මෙම විෂබීජානුහරණ උමං මාර්ගය සැකසීමට පියවර ගෙන ඇති බවයි ගුවන් තොටුපළ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
684 Views
Comments