දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටසට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
ඒ අනුව එම කොටස තාවකාලිකව වසා දමා ඇති බවයි දැනුම් දෙන්නේ.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් කිරුළපන බේස්ලයින් හන්දිය ජලයෙන් යටවීම හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ වාහන තදබදයක් පවතින බව පොලිසිය සඳහන් කළා.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 12 තුළ තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකියි.
848 Views
Comments