මහමැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මැතිවරණ කොමිසමට

මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරනු ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශයන්ට අනුකූලව තැපැල් ඡන්දය පැවැත්විය යුතු ආකාරය පිළිබදව, තැපැල් ඡන්දය සදහා කුමන රාජ්‍ය සේවකයන් සහභාගි කර ගත යුතු ද යන්න, ඡන්ද රැස්වීම් පැවැත්විය යුතු ආකාරය, ගෙයින්ගෙට යාමේ ප්‍රචාරක කටයුතු සිදු කළ යුතු ආකාරය, ඡන්ද දිනයේ ඡන්ද විමසීම් කටයුතු සිදු කළ යුතු ආකාරය, ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කළ යුතු ආකාරය ආදි කරුණු සම්බන්ධයෙන්සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ ඇතුලත් මාර්ගෝපදේශ අද දිනම (03) මැතිවරණ කොමිසම වෙත ලබාදෙනු ලැබු බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසීය.
585 Views
Comments