වැඩට ගෙන්වන සේවකයන් අවම කරන්න
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

වැඩට ගෙන්වන සේවකයන් අවම කරන්න

වැඩට ගෙන්වන සේවකයන් අවම කරන්න

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව සීමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

 

සමස්ත කාර්ය මණ්ඩලය තුනෙන් ඒකක්ද නොමැති නම් අඩක්ද යන්න ඒ් ආයතන ප්‍රධානීන් තීරණය කළ යුතු බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

 

කොළඹ හා ගම්පහ මෙරට වැඩිම ජන ඝනත්වය ඇති දිස්ත්‍රීක්ක දෙක බැවින් ඒම ප්‍රදේශ දෙක තුළ කොරෝනා ව්‍යාප්තිය පොකුරු ලෙස පැතිරයාමේ අවදානමට ඉක්මනින්ම ලක්වීමට හැකි බවද අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

 

ඒ් නිසා රටේ ආර්ථික කටයුතු ආරම්භ කර පවත්වා ගෙන යෑමේදී අදාළ සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව කටයුතු කළ යුතු බව අවධාරණය කරන ඒ් මහතා ආයතනවල සේවක පිරිස හැකිතාක් සීමා කරන ලෙසද ඉල්ලා සිටී.

views

30956 Views

Comments

arrow-up