තවත් ආසාදිතයින් 81 ක්-මුළු ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
27

තවත් ආසාදිතයින් 81 ක්-මුළු ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට

තවත් ආසාදිතයින් 81 ක්-මුළු ආසාදිතයින් ගණන 1453 ක් දක්වා ඉහළට

අද(27) රාත්‍රී 08.30 වන විට තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1453 දක්වා ඉහළ ගොස් ඇත.

 

මේ අනුව ආසාදිතයින් 711 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

 

මෙලෙස හඳුනාගත් කොරෝනා වෛරස ආසාදිතයින් 81 දෙනා විදේශ රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

එමෙන්ම අද උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 732 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

පසුගිය 25 දා නව කොරෝනා මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

views

751 Views

Comments

arrow-up