ඊයේ කොරෝනා රෝගීන් 150යි - ඔවුන් ගැන සම්පූර්ණ තොරතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ඊයේ කොරෝනා රෝගීන් 150යි - ඔවුන් ගැන සම්පූර්ණ තොරතුරු

ඊයේ කොරෝනා රෝගීන් 150යි - ඔවුන් ගැන සම්පූර්ණ තොරතුරු

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ (27) දිනයේ වාර්තා වී තිබේ.

 

ඊයේ දිනය තුළ පමණක් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 150ක්.

 

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු ද වෙයි.

views

866 Views

Comments

arrow-up