මැතිවරණ කොමිෂන් සභාවෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් - තවත් ඡන්දයකට සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
18

මැතිවරණ කොමිෂන් සභාවෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් - තවත් ඡන්දයකට සූදානම්

මැතිවරණ කොමිෂන් සභාවෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් - තවත් ඡන්දයකට සූදානම්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා තෝරා පත්කර ගත් ලෙස ප්‍රකාශයට පත් කළ බවට මැතිවරණ කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.ඒ, ඊයේ (17) රාත්‍රියේයි.

 

එම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ 1981 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබද පනතට අනුවයි.

 

මේ අතර ජනාධිපතිවරණය අවසන් වී සතියක කාලයක් ගතවන තුරු රථ වාහන පෙළපාලි සහ රැස්වීම් පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකයි.

 

කඩිනමින් මහ මැතිවරණයක් හෝ පළාත් සභා මැතිවරණයක් පවත්වන්නේ නම් ඒ සඳහාද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

views

886 Views

Comments

arrow-up