බුර්කා සහ නිකාබ් ඡන්ද පොළට තහනම්

බුර්කා සහ නිකාබ් පැළඳ ඡන්ද පොළට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කරයි.
පැළඳ ඡන්දය ප්‍රකාශ කිරීමට යෑමට ඉඩ ලබා දෙන්නැයි මුස්ලිම් ආගමික සංවිධානයක් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබූ අතර කොමිසම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඡන්ද පොළට පැමිණත සියලුම ඡන්දදායකයගේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා පැහැදිලිව මුහුණ පෙනෙන සේ ඇදුම් පැළඳ සිටිය යුතු බැව් මැතිවරණ කොමිසම කියයි.
කිසිදු හේතුවක් නිසාවත් අනන්‍යතාවය තහවුරු කරගැනීමට අපහසු ඇදුම් පැළදුම්, මුහුණු ආවරණය පැළඳ ඡන්දයපොළට ඇතුළු වීමට ඉඩ නොලදන බව ද ඒ සම්බන්ධයෙන් පොලිසියට උපදෙස් නිකුත් කර ඇතැයි ද මැතිවරයා කොමිසම සදහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
710 Views
Comments