ජනපති මෛත‍්‍රී ජාතිය ඇමතීමට සුදානම් - කැමැත්ත ගෝඨාට ද සජිත්ට ද ?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
11

ජනපති මෛත‍්‍රී ජාතිය ඇමතීමට සුදානම් - කැමැත්ත ගෝඨාට ද සජිත්ට ද ?

ජනපති මෛත‍්‍රී ජාතිය ඇමතීමට සුදානම් - කැමැත්ත ගෝඨාට ද සජිත්ට ද ?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ අවසාන වතාවට ජාතිය ඇමතීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

 

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රධානත්වයෙන් අවසාන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර 14 වැනිදා ඔහු සිය කාර්යය මණ්ඩලයෙන් සමුගැනීමට නියමිතයි.

 

ඒ වෙනුවෙන් වූ උත්සවයක් ද ජනාධිපති කාර්යාලය විසින් සංවිධානය කර තිබෙනවා. ජනාධිපතිවරයා ඉන් පෙර ජාතිය ඇමතීම එළැඹෙන 13 වැනිදා රාත්‍රියේ සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

 

මේ අතර එක්සත් ජාතික පක්ෂයට හිතවාදී පුවත් අඩවි වාර්තා කරන්නේ හෙට දිනයේදී ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බවයි.

 

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කරන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා 100%ක්ම තම සහයෝගය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබා දීමට කටයුතු කර ඇති බවයි.

views

814 Views

Comments

arrow-up