ඉතාලියෙන් පැමිණි නිරෝධායනය මග හැරි පිරිසක් හඳුනාගන්න පොලිසිය සහය පතයි

ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා තොරතුරු දී නොමැති පහත අයවළුන් සිටිනා තැන් දැනගැනීමට පොලිසිය මහජන සහය පතයි.
ඉතාලියේ සිට පැමිණ නිරෝධායනය නොවී සිටින පිරිසකගේ තොරතුරු පොලිස් මූලස්ථානය විසින් හෙළිකරගෙන ඇත.
ඔවුන් අතර කුඩා ළමුන් කීප දෙනෙක් ද සිටින බව පොලීසිය කියයි.
එම පිරිසගේ ඡායාරූප පොලිසිය විසින් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා මහජන සහාය පතයි.
පහත ඡායාරූපයේ වෙසෙන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් පොලිස් මුලස්ථානයේ 119, 0112-444481 / 0112-444480 / 0718591864 යන අංක වෙත දැනම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
10058 Views
Comments