කිරි කර්මාන්තය නැංවීම සඳහා ඉන්දියා-පකිස්ථාන එළදෙනුන් ලංකාවට

ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා එළදෙනුන් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය යන දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි එළදෙනුන්ගේ හිඟකම ලංකාවට විශාල බලපෑමක් එල්ල කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ලංකාවේ එක් එළදෙනකුගෙන් දිනකට ලබා ගන්නා කිරි ප්‍රමාණය ලීටර් 10ක් පමණ වේ. නමුත් නව කෘෂි තාක්ෂණය ඔස්සේ එක් එළදෙනකුගෙන් දිනකට තුන්වරක් කිරි ලීටර් 60ක් දක්වා ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යාංශය කියයි.
ඉන්දියාව සහ පකිස්ථානය සමග කළ සාකච්ඡා අනුව ඉන්දීය රජය විසින් සහිවාල් නැමැති එළ ගව විශේෂය ද, පාකිස්ථානය විසින් මුරා නැමැති මී ගව විශේෂයද මෙරටට ලබා දීමට නියමිතය.
ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට ගැලපෙන එළ සහ මී එළදෙනුන් සිටිනුයේ ඉන්දියාවේ හා පකිස්ථානයේ පමණි. මින් වසර කිහිපයකට පෙර නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවේ සිට ගවයින් ආනයනය කළ ද එම ව්‍යාපෘති අසාර්ථක විය.
200 Views
Comments