අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි ඉස්සූ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි ඉස්සූ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි ඉස්සූ සිද්ධියේ සැකකරු රිමාන්ඩ්

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් අතුරුදන්වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළඹෙන 16 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදු කළේය.

 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නියමිත යතුරෙන් කාමරයේ දොර විවෘත කර මෙම සොරකම සිදුකර ඇති බවට රස පරීක්ෂක වාර්තාවෙන් අනාවරණය වී ඇති බවය.

views

225 Views

Comments

arrow-up