ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුරට හේතු සොයන්න විශේෂ මෙහෙයුමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර ඇතිවීමට හේතු සොයා බැලිම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එමගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ඇළ මාර්ග සහ ජල බස්නා නිරීක්ෂණය කර ජලය බැස යාමට ඇති බාධා හදුනා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති හිරාන් බාලසූරිය මහතා පවසයි.
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.
දඩුගං ඔය, ජා ඇල, මාකිලන්ගම ඔය, උරුවල් ඔය, කුන්දිවල ඇල, මාපලම් ඔය, දඩුලහ ඇල, දී එළි ඔය, අත්තනගලු ඔය ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයේ හදුනාගත් ප්‍රධාන ජලමාර්ග 09 ක් තිබේ. මෙම ඇල මාර්ගයන්හි ජලය බැසයාම සිදුවන්නේ ප්‍රධාන ස්ථාන ද්විත්වයකිනි. ඒ ජා ඇල සහ දඩුගං ඔයයි.
සීදුව ආසන්නයේ පිහිටි මීගමු කළපුවෙහි මෝය ආශ්‍රිත දඩුගං ඔය සහ අත්තනගලු ඔයෙහි ජල බස්නා පිළිබඳව නිරීක්ෂණයේ දී පෙනී ගොස් ඇත්තේ තේක්ක ඇල සම්පූර්ණයෙන්ම පාහේ අවහිර වී ඇති අතර අනවසර ඉදිකිරීම් හා අක්‍රමවත් ඉදිකිරීම් ගණනාවකින් යුක්ත බවයි.
216 Views
Comments