මැතිවරණ රාජකාරී මහහරින නිලධාරීන්ට නඩු
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
14

මැතිවරණ රාජකාරී මහහරින නිලධාරීන්ට නඩු

මැතිවරණ රාජකාරී මහහරින නිලධාරීන්ට නඩු

මැතිවරණ රාජකාරී මහහරින සහ මැතිවරණ කොමිසමේ විධාන උල්ලංඝනය කරන රජයේ සේවකයින්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ  රාජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (13 ) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.

 

මෙවර මැතිවරණ රාජකාරී මග හැරීම සඳහා අසත්‍ය හා එතරම් පිළිගත නොහැකි හේතුවෙන් ඉදිරිපත් කරමින් රජයේ නිලධාරීන් පිරිසක් රාජකාරී මහහැරීම කටයුතු කිරීමේ සුදානමක් පවතින බවද එහිදී දේශප්‍රිය මහතා කියාසිටියා.

 

මැතිවරණ රාජකාරී මගහැරීම සහ කොමිසමේ විධාන උල්ලංඝනය කිරීමට අධිකරණය මගින්  වරදකරුවකු වන රජයේ සේවකයකුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් සමඟ වසර තුනක සිරදඩුවමක් ලබාදිය හැකි බවද දේශප්‍රිය මහතා සදහන් කළා.

views

580 Views

Comments

arrow-up