ප්‍රංශයට පනින්න ගිය බෝට්ටුව හලාවතදී නවතී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

ප්‍රංශයට පනින්න ගිය බෝට්ටුව හලාවතදී නවතී

ප්‍රංශයට පනින්න ගිය බෝට්ටුව හලාවතදී නවතී

නීති විරෝධී ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් විදෙස් ගතවීමට සූදානම් වු හයදෙනෙකු අද(6 ) අලුයම අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.


 
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති පිරිස උඩප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයින් පවසනවා. හලාවත මෝය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස ජීප් රථයකින් පැමිණ ඇති බවද පොලිසිය කියාසිටියා.


 
නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත වැටලීම කර තිබෙනවා.

 

හලාවත සිට මුතුපන්තිය දක්වා මුහුදු තීරයෙදී මෙලෙස නීති විරෝධි ආකාරයට මුහුදු මාර්ගයෙන් විදෙස් රටවලට යාම නිරන්තරයෙන් සිදුවන බවද පොලිසිය පවසයි.


 
අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට ප්‍රශ්න කරමින් පවතින බවත් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් හලාවත පොලිසිය සඳහන් කරනවා.

 

views

665 Views

Comments

arrow-up