ප්‍රදේශ කිහිපකයට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

ප්‍රදේශ කිහිපකයට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපකයට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

මඩකළපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක උදය කාලයේදී සිහින් වැසි ඇතිවිය හැක.

 

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මඩකළපුව සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

 

කොළඹ සිටගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇතිවේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමයි. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.

 

 

 

views

627 Views

Comments

arrow-up