නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායකදී මාට්ටු

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් ඩුබායි සිට මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5කට ආසන්න බව පොලීසිය පවසයි.
221 Views
Comments