මැතිවරණ දිනය ගැන තීන්දුව ජුනී 08

මැතිවරණය පැවැත්වීමේ දිනය ලබන ජුනි මස 08 වෙනිදා මැතිවරණ කොමිසන් සභාව රැස්වී තීරණය කරන බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටිනවා.
මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශයන් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සහකාර තේරීම් භාර නිලධාරිවරුන් සමග සාකච්ජා කොට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කරන බවයි.
එමෙන්ම ඉතිහාසයේ පළමු වරට මෙවර මැතිවරණය පැවැත්වෙන ජන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් අනියුක්ත කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොමසාරිස්වරයා කියා සිටියා.
එලෙස සෞඛ්‍ය නිලධාරින් ජන්ද මධ්‍යස්ථාන වෙත යොමු කිරිම හේතුවෙන් සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියලුම නිලධාරින්ට මහ මැතිවරණය වෙනුවෙන් තැපැල් ජන්දය සඳහා ඉල්ලුම් කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලා සිටිනවා.
එම තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය අදින් අවසන් වීමට නියමිතව තිබුණත් එය ලබන 08 වෙනිදා දක්වා දීර්ඝ කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ.
833 Views
Comments