සොයිසාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරය ?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

සොයිසාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරය ?

සොයිසාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රී ධූරය ?

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ අභාවය හේතුවෙන් අටවන පාර්ලිමෙන්තුවේ මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් දෙසැම්බර් 04 වනදා සිට ඇතිවී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දන්වා තිබේ.

 

 


1981 අංක 01 දරණ පාර්ලිමේන්තු පනතේ 64 (1) වගන්තිය ප්‍රකාරව මෙම දැනුම්දීම සිදු කරන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා ඊයේ (5) මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත දැනුම් දුන්නේය.

 

 


 
පාර්ලිමේන්තු පනතට අනුව  මැතිවරණ කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මනාප ලැයිස්තුවේ මීලඟට සිටින අපේක්ෂකයා පිළිබඳ තොරතුරු ලබා ගනු ඇත.

 

 

 
ඉන්පසුව එම නම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනු ඇත.

 

views

554 Views

Comments

arrow-up