ඊයේ (06) කොරෝනා ආසාදිතයින්ගෙන් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්

ඊයේ (06) දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 29 දෙනා අතරින් 24 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින්.
සෙසු පස්දෙනා නාවික සාමාජිකයින්ගේ සමීපතමයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ.
"ඊයේ දිනයේ COVID19 ආසාදිතයින් ලෙස විසි නව දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
මේ විසි නව දෙනාගෙන් විසිහතරක් නාවික හමුදාව උදවිය.
ඒක් පුද්ගලයෙක් පලාලි නිරෝධායන මධ්‍යස්ථානය කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් රැගෙන ගිය කෙනෙක්.
ඉතුරු කිහිපදෙනා නැවත නාවික හමුදාවේ සම්බන්ධකම් ඇතිව රෝගී වූ අය ඒ අතර සිටිනවා.
වයස අවුරුදු 7ක පුතෙක්. ඒ වගේම තවත් නාවික හමුදා පවුලක මවක් සහ පියෙක්..."
730 Views
Comments