පාර්ලිමේන්තුව යළි කැඳවීමට විපක්ෂය කළ යෝජනාව අනුමත කරනවා - කරූ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

පාර්ලිමේන්තුව යළි කැඳවීමට විපක්ෂය කළ යෝජනාව අනුමත කරනවා - කරූ

පාර්ලිමේන්තුව යළි කැඳවීමට විපක්ෂය කළ යෝජනාව අනුමත කරනවා - කරූ

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විත බව හිටපු කථානායක කරු ජයසුරිය ප්‍රකාශ කර සිටිනවා. සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

 

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපතිවරයාගෙන් කර ඇති සාමූහික ඉල්ලීම කාලෝචිත සහ යහ චේතනාන්විත බවත්, විසුරුවනු ලැබු පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස මම එම යෝජනාව අනුමත කරන බවයි හිටපු කථානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

 

එමෙන්ම යළි පාර්ලිමේන්තුව කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම එහි කථානායකවරයාගේ භූමිකාව බවද ඔහු සිය ට්විටර් සටහනේ සඳහන් කර සිටිනවා.

 

හිටපු කථානායකවරයා විසින් නිකුත් කළ ට්විටර් සටහන පහතින් දැක්වේ.

 

 

views

862 Views

Comments

arrow-up