ජනපතිගෙන් මංගලට පිළිතුරු ලිපියක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් පසුගිය 28 වැනිදා තමා වෙත එවූ ලිපියට සිය ලේකම්වරයා මගින් අද (30) පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.
මංගල සමරවීර මහතා මන්ත්‍රීවරයා ගේ ලිපිය වැරදි තොරතුරු රාශියක් ගොනුකර සකස් වී ඇතැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ගේ අත්සනින් යවා ඇති පිළිතුරු ලිපිය කියා සිටීයි. එවැනි ලිපියක් යොමුකිරීම කණගාටුවට කරුණක් බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත.
“උද්ගතව ඇති අර්බුදය ව්‍යවස්ථානුකුලව විසඳීම සඳහා සහ රාජ්‍ය වියදම් අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව යළි රැස්කරන මෙන් ඉල්ලීම”, යන්න මංගල සමරවීර හිටපු මන්ත්‍රීවරයා ජනාධිපතිතුමා වෙත එවූ ලිපියේ මාතෘකාව විය. පාර්ලිමේන්තුව විසුරුවන අවස්ථාවක විසර්ජන පනතක් සම්මත වී නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ අතුරු සම්මත ගිණුමක් මගින් අලුත් පාර්ලිමේන්තුවක් රැස්වී මාස 03ක කාලයක් සඳහා වියදම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.
නව ලිබරල්වාදී සමාජ ආර්ථික දර්ශනය සිය ප්‍රතිපත්තිය කොටගත් හිටපු මුදල් ඇමතිවරයා මැතිවරණය පවත්වා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කිරීමට ප්‍රමුඛත්වය නොදෙන්නේ මන්දැයි ජනාධිපතිතුමා කනස්සල්ල පළ කරන බව ද ලේකම්වරයා කියා සිටී.
ජනාධිපතිතුමාගේ නියමයෙන් හිටපු පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර වෙත යවන ලද සම්පූර්ණ ලිපිය මෙසේයි.
1064 Views
Comments