කොරෝනා ආසාදිත මවක් දරුවාට කිරි දීම ප්‍රශ්නයක් නැහැ - WHO

මව්කිරි මඟින් දරුවාට කොරෝනා ආසාදනය වන්නේ නැති බව ළදරු රෝග විශේෂඥ වෛද්‍ය අයි පී සී සමන් කුමාර මහතා පවසනවා.
"මවගේ ගර්භාෂය තුළදී වෙෙරසය ආසාදනය වන්නේ නැහැ කියන මතය තමයි ලෝකයේ තියෙන්නෙ. මේ කාරණා ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්.
නමුත් පැහැදිලිව කියන්න ඕන දරුවෙක් බිහිවුණාට පස්සෙ වෛරස ආසාදන වෙලා තියෙනවා නම් එම දරුවාට වැළඳීමේ හැකියාව අනිවාර්යයෙන්ම අනිත් කෙනෙකුට වගේම තියෙනවා.
දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි බවට කොරෝනා වෛරසය වැළදිලා තිබුණත් එම දරුවාට දිගටම මව්කිරි ලබාදීම සිද්ධ කරන්න කියන එක.
එම දරුවා සහ මව බිහි කිරීමට අවශ්‍යතාවයක් නැහැ කියන කාරණය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ මෙම මව විසින් සෞඛ්‍ය ආරක්ෂිතව උපකරණයක් නිතරම පැළද දරුවා අල්ලන සැම අවස්ථාවකදීම අත් සබන් ගා සෝදා නැත්නම් විසබීජහරණය කළ ධාවනය කින් අත් පිරිසුදු කර මෙම දරුවා ඇල්ලීම වැදගත්."
628 Views
Comments