සුපිරි රෝස චන්ද්‍රයා අද රාත්‍රියේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

සුපිරි රෝස චන්ද්‍රයා අද රාත්‍රියේ

සුපිරි රෝස චන්ද්‍රයා අද රාත්‍රියේ

මෙම වසරේ දීප්තිමත්ම පුරහද සුපිරි රෝස චන්ද්‍රයා අද (07) රාත්‍රියේ ශ්‍රී ලංකාවාසීන්ට දැකගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

 

සුපිරි රෝස චන්ද්‍රයා හා ග්‍රහ ලෝක 5 ක අහස් සංදර්ශනය අද (07) රාත්‍රියේ මෙන්ම හෙට (08) රාත්‍රියේදී ද දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ. පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරනුයේ ගුරුත්වාකාර මාර්ගයක නොව ඉලිප්සාකාර මගකයි.

 

එහිදී චන්ද්‍රයා පෘථිවියට ළඟින්ම ගමන් කරන දිනයකදී පුරහදක් ඇතිවුවහොත් චන්ද්‍රයා වෙනදාට වඩා කිලෝමීටර පනස් දහසක් පමණ ලං වනවා. ඒ හේතුවෙනුයි සඳු ඈතින් පිහිටන දිනකට වඩා සියයට 14 ක් විශාලව හා සියයට 30 ක් වඩා දීප්තිමත්ව සඳ නිරීක්‍ෂණය වන්නේ.
 

එය සුපිරි සඳ ලෙස හැඳින්වෙනවා. චන්ද්‍රයා මෙන්ම බටහිර අහසේ ඉතා දීප්තිමත්ව සිකුරු ග්‍රහලෝකය ද අද (07) දිනයේ දී දැකගත හැකි බව චන්දන ජයරත්න මහතා පවසනවා.

views

818 Views

Comments

arrow-up