අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
18

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ නිවේදනයක්

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් විශේෂ නිවේදනයක්

යුද ජයග්‍රහණයේ 11 වැනි සංවත්සරික සැමරුම් උත්සවය හෙටට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපකෂ මහතා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

 

ත්‍රිවිධ හමුදාව හා පොලීසිය යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව ලොව දරුණුම ත්‍රස්තවාදීන් හැටියට නම් කළ සංවිධානයකට එරෙහිව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයේ 11 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පරාජය කිරීම නිසා දෙමළ ජනතාව දැන් නිදහසේ ජීවත් වෙයි.

 

දෙමළ ළමුන් දැන් කොටි සංවිධානය විසින් පැහැරගෙන යන්නේ නැත. දෙමළ දේශපාලනඥයින් කොටි ඝාතකයන්ට බියෙන් ජීවත් වන්නේ ද නැත. කොටි සංවිධානය පරාජය කිරීම තුළින් උතුරු නැගෙනහිර පළාත්වලත් මැතිවරණය පැවැත්වීමට හැකිවීම නිසා එම ප්‍රදේශවල ජනතාවගේ පරමාධිපත්‍ය බලය ද නැවතත් තහවුරු වී ඇතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

කොටි සංවිධානයට එරෙහි යුද්ධය ජය ගෙන ලොවක් මවිත කළ ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අද COVID-19 උවදුරට එරෙහිව සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධ මෙහෙයුමක නිරත වේ.

 

මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ දැනට පවතින කරුණුවලින් පෙනී යන්නේ ඒ සටනින් ද අප ජයග්‍රහණය කරමින් සිටින බව යි.

 

ත්‍රස්තවාදයක් ,ගංවතුරක් හෝ වසංගතයකදී ත්‍රිවිධ හමුදාව පොදු මහජනතාව සුරැකීමෙන් පෙරමුණේ සිටී.

 

ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙකු සිවිල් පුරවැසියෙකු මිස හමුදා සාමාජිකයෙකු නොවන බව පෙන්වාදෙන අග්‍රාමාත්‍යවරයා එදා සිටි සඟ, වෙද, ගරු , ගොවි කම්කරු බලවේගයට අද රණවිරු පාර්ශවයත් එක්ව සිටින බව සඳහන් කළේය.

 

එම නිසා තම ආණ්ඩුවක් බලයේ සිටින විට ආරක්ෂක හමුදාවල හිටපු සාමාජිකයන් අනිවාර්යෙන්ම ආණ්ඩුව තුළ විවිධ තනතුරු දරනු ඇති බව ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

 

යුද ජයග්‍රහණයේ 11 වැනි රණවිරු අනුස්මරණ උත්සවය හෙට සවස 4.00 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසළදී පැවැත්වීමට නියමිත ය.

views

1099 Views

Comments

arrow-up