ඊයේ වාර්තා වූ රෝගීන් 06 දෙනා ගැන තොරතුරු

කොරෝනා ආසාධිත රෝගීන් 06 දෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 869ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එලෙස වාර්තා වූ කොරෝනා ආසාධිතයින් නාවික හමුදා සෙබළුන් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
මේ වන විට කොරෝනා ආසාධිත රෝගීන් 343 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 517ක් වනවා.
907 Views
Comments