මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

මෙරට කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටදී තහවුරු කරගෙන දැඩි සත්කාර ඒකකවල ප‍්‍රතිකාර ලබන රෝගීන් ගණන 08 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

ඉන් රෝගීන් 07 දෙනෙකු ජාතික බෝ වන රෝග විද්‍යායතනය හෙවත් අංගොඩ අයි ඞී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන අතර අනෙක් රෝගියා ප‍්‍රතිකාර ලබන්නේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි. 

 

මේ වනවිට ශී‍්‍ර ලංකාවෙන් හදුනාගෙන ඇති නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් ගණන 106 ක්. ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාදිත බවට සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 238 ක්. 

views

685 Views

Comments

arrow-up