සෞඛ්‍යාරක්ෂිත මහමැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම අධ්‍යයනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

සෞඛ්‍යාරක්ෂිත මහමැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම අධ්‍යයනය කරයි

සෞඛ්‍යාරක්ෂිත මහමැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම අධ්‍යයනය කරයි

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් අධ්‍යයනයක නිරත වන බව වාර්තා වනවා.

 


සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ මැතිවරණයේදී ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න පිළිබදව ද එහිදී යෝජනා සහ අදහස් සංවාදයට ලක් කරන බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

 


සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මූලික සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මැතිවරණ කොමිසමට මීට පෙර ඉදිරිපත් කර තිබුණා.

 

කෙසේ වෙතත් මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණනය කිරීම සහ එහි සෞඛ්‍යාරක්ෂිත කරුණු සම්බන්ධයෙන් වෛද්‍ය නිර්දේශ සහ මැතිවරණ කොමිසමේ අදහස් තවදුරටත් දෙපාර්ශවය විසින් තවදුරටත් අධ්‍යයනය කරනු ඇති බවයි වාර්තා වන්නේ.

views

682 Views

Comments

arrow-up