මහ මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොණු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම ආරම්භ වුණා.
පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණය කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව ප්‍රකාශයට පත් කර එය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණු කෙරුණා.
අදාළ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 අධිකරණ ශාලවේදීයී.අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි පෙත්සම් විභාගය සිදු වන්නේ. නීතිඥ චරිත ගුණරත්න මහතාද , ජාතික සමඟි ජනබලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ක්‍රියාකාරීන් මෙම පෙත්සම් ගොණු කර තිබෙනවා.
658 Views
Comments