නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වේ

නව වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වේ

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10ට ආරම්භ වුනා .සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 4 ක් අද විවාදයට ගැනීමට නියමිතයි.

 

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් 3 ක් හෙට විවාදයට ගැනෙනවා.

 

ලබන 7 වනදා බුද්ධිමය දේපළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ගුවන්තොටුපොළ බදු ඇතුලු නියෝග 10 ක් විවාදයට ගැනීමට ද නියමිතයි.

 

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ 9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා .

 

පසුගිය මහ මැතිවරණයේදී අපේ ජන බල පක්‍ෂය හිමිකරගත් මන්ත්‍රී ධුරය සඳහා පූජය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේගේ නම ජාතික මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

 

 

 

views

612 Views

Comments

arrow-up