දුර ගමන් සේවා බස් වල වෙලාව ගැන පොලිසිය විමසිල්ලෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

දුර ගමන් සේවා බස් වල වෙලාව ගැන පොලිසිය විමසිල්ලෙන්

දුර ගමන් සේවා බස් වල වෙලාව ගැන පොලිසිය විමසිල්ලෙන්

කොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ඊයේ (12) සිට ආරම්භ කෙරුණි.

 

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් බස් රථ 267 ක් ගමනාන්ත 22ක් වෙත නියමිත වේලාවට පැමිණෙන්නේ දැයි  පරීක්ෂා කිරීම කර තිබේ.

 

එහිදී බස් රථ 119ක් ප්‍රමාදව ගමනාන්තයට ළඟා වී ඇති අතර බස් රථ 55 ක් නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලිසිය සදහන් කළේය.

 

views

940 Views

Comments

arrow-up