අපරාධ රැසකට සම්බන්ධ ‘ගොනාකොවිලේ රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

අපරාධ රැසකට සම්බන්ධ ‘ගොනාකොවිලේ රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට

අපරාධ රැසකට සම්බන්ධ ‘ගොනාකොවිලේ රාජා’ පොලිස් වෙඩි පහරින් මරුට

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයකට වෙඩි තැබීම ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමග අද අලුයම ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබෙනවා.

 


පාතාල කල්ලි නායකයෙකු සැඟව සිටින බවට ලද තොරතුරක් අනුව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මිනුවන්ගොඩ, බල්ලපාන ප්‍රදේශයේ නිවසක් වැටලු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කළේ.

 

එහිදී සැකකරු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබුණ බව වාර්තා වනවා. පොලීසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් සැකකරු මිය ගොස් තිබෙනවා.

 

ඔහු මනුෂ්‍ය ඝාතන කිහිපයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බව පොලීසිය පැවසුවා. පතිරණගේ රාජා විමලධර්ම නොහොත් ‘ගොනාකොවිලේ රාජා’ නැමති අය මෙලෙස මියගොස් තිබෙනවා.

 

ඔහු රංජන් සිල්වා ඝාතනය ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළා.

 

views

652 Views

Comments

arrow-up