වසා දැමූ කටුනායක ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් විවෘත කරන දිනය

දැනට වසා දමා තිබෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු පළමු වැනිදා සිට සම්පූර්ණයෙන් විවෘත කරන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා.
ඊට අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර තිබෙන බවයි එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි කියා සිටියේ.
නව ක්‍රියා පටිපාටීන් යටතේ ගුවන්තොටුපල මෙහෙයුම සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කිරීම ද මේ වන විට සිදුවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ශ‍්‍රී ලංකාවට පැමිණෙන සියලූ දෙනා ගුවන්තොටුපල පරිශ‍්‍රයේදීම PCR පරීක්ෂණයකට ලක් කර ප‍්‍රතිඵල එහිදීම ලබාදීමටද තීරණය කර තිබෙනවා
773 Views
Comments