මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයේන් නොතීසි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයේන් නොතීසි

මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයේන්  නොතීසි

රෝයල් පාර්ක් ඝාතන නඩුවේ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නොතීසි නිකුත් කළා.

 

 


මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව හිමි වූ විත්තිකරුට රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගය ජූනි මස 01 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

 

 


කෙසේවෙතත් ජනාධිපති සමාව ප්‍රධානය වීමෙන් පසු මෙම විත්තිකරු නොවැම්බර් මස 15 වැනිදා විදේශ ගමන් බලපත්‍රයක් සාදා ගෙන නොවැම්බර් මස 15 වැනිදා රටින් පිටව ඇති බවට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා . ඔහු මේ වන විට සිංගප්පූරුවේ සිටින බවට තොරතුරු වාර්තා වන බවට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පවසා සිටියා.

 

 


ඒ අනුව මෙම පෙත්සම මැයි මස 29 වැනිදා සලකා බැලීමට විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද නියෝග කළා.

 


ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

 

views

833 Views

Comments

arrow-up